Home news editor

Author: news editor (news editor)

Post
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!

කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!

හෙට දිනයේදී බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එමෙන්ම රත්නපුර, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි.

Post
‘යුක්තියේ මෙහෙයුම’ සාර්ථකව ඉදිරියට! මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ යට්තල පහසුකම් සියල්ලම බිඳ වැටේ.! මෙහෙයුම නවත්වන ලෙස සැම අතින්ම බලපෑම්.!

‘යුක්තියේ මෙහෙයුම’ සාර්ථකව ඉදිරියට! මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ යට්තල පහසුකම් සියල්ලම බිඳ වැටේ.! මෙහෙයුම නවත්වන ලෙස සැම අතින්ම බලපෑම්.!

යුක්තිය මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ. මේ යටතේ පහත දේපොළ සහ මුදල් තහනම් කර භාරයට ගෙන ඇත, බස්...

Post
ඉහළ ගිය විදුලි බිලට එරෙහිව සජබයෙන් පන්දම් විරෝධතාවක්…

ඉහළ ගිය විදුලි බිලට එරෙහිව සජබයෙන් පන්දම් විරෝධතාවක්…

ඉහල යන විදුලි ගාස්තු වලට එරෙහිව ගලිගමුව ආසනයේ සංවිධායක සුරේෂ් සෝමදාස මහතා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සංවිදානය කරන ලද පන්දම් විරෝධතාවයකට ව්‍යාපාරයට සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාද එක්විය.. බලපිටිය සහා බද්දේගම ප්‍රදේශවලද මෙම විරෝධතාවය පැවැත්වුනි..  

Post
ලයිටි බිල වැඩිවෙන්නේ ලයිට් පාවිච්චි කළොත් විතරයි,  ලයිට් ඕෆ් කරල තිබ්බොත්, විදුලි බිල අඩු කරගන්න  පුළුවන් – රංජිත් බණ්ඩාර

ලයිටි බිල වැඩිවෙන්නේ ලයිට් පාවිච්චි කළොත් විතරයි, ලයිට් ඕෆ් කරල තිබ්බොත්, විදුලි බිල අඩු කරගන්න පුළුවන් – රංජිත් බණ්ඩාර

පොදු ජන පෙරමුණේ කාර්‍යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මාහාචාර්‍ය රංජිත් බණ්ඩාර මහතා අදහස් දැක්වූවා.. ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරේ, “ලයිට් බිල තවත් සීයට දහ අටකින් වැඩිවෙලා තමයි.. හැබැයි ඒ වැඩිවීම ලයිටි බිලට එකතුවෙන්නෙ ලයිට් පාවිච්චි කළොත් විතරයි.. ලයිට් ඕෆ් කරල තිබ්බොත්, විදුලි බිල පාලනය කරගන්න පුලුවන්!”

Post
ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂ්ණට හෙට  ස්කෑන් පරීක්ෂනයක් සිදු කෙරේ..

ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂ්ණට හෙට ස්කෑන් පරීක්ෂනයක් සිදු කෙරේ..

ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂ්ණ ට හෙට ස්කෑන් පරීක්ෂනයක් සිදු කිරීමට නියමිතයි. නෙදර්ලන්ත තරඟයෙන් අනතුරුව දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා මේ බව පවසා තිබේ.

Post
දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත  රට බවට ලංකාව පත් වේ.

දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට ලංකාව පත් වේ.

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට 18%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. විදුලිය ගාස්තුව සදහා භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද දින පස්වරුව වනවිට නිවේදනය කිරීමට නියමිතව ඇත. මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු තෙවැනි වරටත් ඉහළ නැංවීමට...

Post
ජනපති රනිල් චීන උප අගමැති හමුවෙයි!

ජනපති රනිල් චීන උප අගමැති හමුවෙයි!

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත්, එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය.Sri Lanka Latest News ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික...

Post
බස් රථ අලංකරණයට නාමල්ගේ සහය හිමි වෙයි!

බස් රථ අලංකරණයට නාමල්ගේ සහය හිමි වෙයි!

බස්රථ හිමියන් හා නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් අද පැවැත්වුණි. එහිදී, ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක් ඒ වගේම කලාවක්. ජනතාවට හානි නොවනවානම් බස්රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නැති...

Post
අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩුවෙයි..

අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩුවෙයි..

අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල හෙට  සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්, මුංඇට කිලෝවක මිල රුපියල් 20 කින්, හාල්මැස්සො කිලෝවක් රුපියල් 10 කින්, කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් සහ ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් අඩු...

  • 1
  • 2
  • 4