අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා

මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ රටේම තිබෙන සියලුම දිස්ත්‍රික්කවල ජන්දවලින් මිස ෆේස්බුක් ජන්ද වලින් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

මේ වන විට භූමියේ යතාර්ථය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ.

මාලිමාවේ අපේක්ෂකයා ලෙස සිටින අනුර කුමාර දිසානායක මහතා බැරිවෙලාවත් බලයට ආවොත් මිනිස්සු හොයා හොයා මරණ තත්ත්වයක් උද්ගත විය හැකි බවද ඇය කියා සිටියි.

ආණ්ඩු බලයක් නොමැති පසුබිමක පසුගිය කාලයේ ජවිපෙ වැරදි කියන විට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති විවේචනය කරන විට එය දරාගත නොහැකි මාලිමාවේ දායක සභාවේ පිරිස් හැසිරෙන ආකාරයෙන් ඔවුන්ට බලය ලැබුණහොත් නැවත මේ රටේ 88/89 යුගයක් නිර්මාණය වන බවයි ඇය තවදුරටත් අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published.