බස් රථ අලංකරණයට නාමල්ගේ සහය හිමි වෙයි!

බස්රථ හිමියන් හා නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් අද පැවැත්වුණි.

එහිදී, ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා

බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක් ඒ වගේම කලාවක්. ජනතාවට හානි නොවනවානම් බස්රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නැති බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

මාර්ගනීති කඩකරනවානම් හෝ ජනතාවට අපහසුතූවයක් ගෙන දෙනවානම් ඊට නීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න.හැබැයි ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කල බස්රථ වලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

මාර්ග බලපත්‍ර වලට පිටින් හා බස්රථ බලපත්‍ර වලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.