පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසනවා.

අඟුලාන පොලිසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරකු සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.