දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වයත් අහිමිවෙයි !   ශ්‍රීලනිප මූලස්ථානයටත් අගුළු දමයි.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද දිනයේදී වසාදමා ඇති අතර එහි ප්‍රධාන ගේට්ටුව ද අගුළු දමා ඇති බව ලංකා මැග් මාධ්‍ය වේදියෙකු පැවසුවේය.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාව එම තනතුරින් ඉවත් කරමින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් කිරීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කර තිබිණි.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එම තීරණය අභියෝගයට ලක්කරමින් අද පස්වරුවේ අධිකරණයට කරුණු දැක්වීමට දයාසිරි ජයසේකර මහතා සූදානමින් සිටින බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published.