මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් මාර්තු 20 වනදා එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

“මානුෂීය ජනතා සන්ධානය” ලෙස නම් කර ඇති එම සන්ධානය ලබන 20 වනදා සවස 02.00 ට කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී එළිදැක්වීමට නියමිත ය.

මෙම නව සන්ධානය සමග සිවිල් සංවිධාන 40 කට ආසන්න සංඛ්‍යාවක් එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් සමග ගිවිසුම් අත්සන් තැබීම ද ලබන 20 වනදා සිදුකෙරෙන බවත් මානුෂීය ජනතා සන්ධානයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සන්ධානයේ ප්‍රතිපත්ති සමග ප්‍රධාන දේශපාලන පක්ෂයක් එකඟ වන්නේ නම් ඔවුන්ට සහාය ලබාදීමටත් එසේ නොවුණහොත් ජනාධිපතිවරණය සඳහා මානුෂීය ජනතා සන්ධානයේ නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා තරග කිරීමටත් තීරණය කර ඇති බවත් වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.