Home News

Category: News

Post
ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක රටවල් අතරට එක්වේ..

ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක රටවල් අතරට එක්වේ..

සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් , ලොව හොඳම රටවල් අතුරෙන්, සංචාරය කිරීමට හොඳම රටක් ලෙස ලෙස ශ්‍රී ලංකාව ද නම් කර ඇත. 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වන අතර,  සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ...

Post
ජනපති සැප්තැම්බර් 21 ජගත් සමුළුව අමතයි..

ජනපති සැප්තැම්බර් 21 ජගත් සමුළුව අමතයි..

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ...

Post
ඉන්ධන පිරවුම්හල්වලට ස්වයංක්‍රීය පොම්ප එයි..!  තමන්ටම තෙල් ගහගන්න අවස්ථාවක් !

ඉන්ධන පිරවුම්හල්වලට ස්වයංක්‍රීය පොම්ප එයි..! තමන්ටම තෙල් ගහගන්න අවස්ථාවක් !

ලබන 2024 වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අදාළ තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග පැවති සාකච්ඡාවකදීය. එහිදී බෙදුම්කරුවන් ඒ පිළිබඳ දැනුවත් කළ අමාත්‍යවරයා ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව...

Post
කරපු වැරැදි ඒ අය පිළිගන්නවා නම් සමාව  දෙන්න සූදානම් – කාදිනල් හිමි

කරපු වැරැදි ඒ අය පිළිගන්නවා නම් සමාව දෙන්න සූදානම් – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

Post
ධර්මසේන ගැන ICC ය තීරණයක් ගනී..

ධර්මසේන ගැන ICC ය තීරණයක් ගනී..

ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි. එම තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ. ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි...

Post
දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වයත් අහිමිවෙයි !   ශ්‍රීලනිප මූලස්ථානයටත් අගුළු දමයි.!

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වයත් අහිමිවෙයි ! ශ්‍රීලනිප මූලස්ථානයටත් අගුළු දමයි.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද දිනයේදී වසාදමා ඇති අතර එහි ප්‍රධාන ගේට්ටුව ද අගුළු දමා ඇති බව ලංකා මැග් මාධ්‍ය වේදියෙකු පැවසුවේය. ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාව එම තනතුරින් ඉවත් කරමින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් කිරීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කර තිබිණි. කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එම තීරණය අභියෝගයට ලක්කරමින් අද...

Post
දයාසිරි ජයසේකරට ශ්‍රී.ල.නි.ප යේ මහලේකම්  ධූරය අහිමිවෙයි..

දයාසිරි ජයසේකරට ශ්‍රී.ල.නි.ප යේ මහලේකම් ධූරය අහිමිවෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන්  ඉවත් කරමින් ලිපියක් ලැබී ඇති බව මන්ත්‍රීවරයා පවසයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ භාරගන්නා ලෙසට තමාට දැනුම්දීමක් කර ඇති බව ද වාර්තා වෙයි.

Post
අන්තර්ජාලය බාවිත කරන වැඩි පිරිසකට  වැඩ වරදියි..

අන්තර්ජාලය බාවිත කරන වැඩි පිරිසකට වැඩ වරදියි..

අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක...

Post
රටේ ජනගහණයෙන් මිලියන 12ක් බහුමාන අවදානමේ – ලංකාව ගැන අලුත්ම වාර්තාව මෙන්න..!

රටේ ජනගහණයෙන් මිලියන 12ක් බහුමාන අවදානමේ – ලංකාව ගැන අලුත්ම වාර්තාව මෙන්න..!

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ජනගහනයෙන් මිලියන 12.3 ක්, බහුමාන අවදානමකට මුහුණ දී සිටින බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසනවා. එයින් මිලියන 10.13 ක්, උතුර, නැගෙනහිර සහ උතුරුමැද යන පලාත්වන ජීවත් වන ජනතාවයි. ජනගහනයෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් බහුමාන අවදානමකට මුහුණ දී ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය සමග, ජනතාව සතු අඩු අධ්‍යාපනය, ණය බර සහ හදිසි තත්ත්වයන්ට...

Post
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට  ඓතිහාසික ජයක්…!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික ජයක්…!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්විය. ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව එංගලන්ත...