ධර්මසේන ගැන ICC ය තීරණයක් ගනී..

ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි.

එම තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි තරග විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ ඉන්දියාවේ නිතින් මෙනන් නම්කර තිබේ.

Leave a Reply

Your email address will not be published.