පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

 

ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට පූර්ණ සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.

ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉහළ උපයෝගිතාවයක් පවතින බව යි.
වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මමහත්මිය සමඟ වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නිනියෝජිතයින් මේ බව සඳහන් කළේය.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන හා ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වල වවත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙමෙහිදී පුළුල්ව සාකච්ඡා කරන ලදි.

ලොව බොහෝ රාජ්‍යයන් නවීන තාක්ෂණය යොදා ගනිමින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රගතියක් ළඟා කරගෙන තිබෙන බැවින් ශ්‍රී ලංකාව ද ඒ ඔස්සේ ගමන් කිරීම ට පියවර ගෙන ඇතිබව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මමහත්මිය මෙහිදී පෙන්වා දුන්නා ය.

ශ්‍රී ලංකාවේ තාරුණ තරුණියන් සුහුරු කෘෂිකාර්මික කටයුතු වලට අනුගත කිරීම තුළින් ඔවුන්ගේ තාරුණ්‍ය අවභාවිතය වලක්වා ගතහැකි බවත් සඳහන් කළ වන්නිආරච්චි මහත්මිය මේ තුළින් ජාතික ආර්ථික යට සුවිශාල පිටිවහලක් ලැබෙන බව ද කියා සිටියේ ය.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුව වෙත ශ්‍රී ලංකා රජයේ කෘතවේදීත්වය පළකර සිටියාය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර හා වනජීවීන් ආරක්ෂා කර ගනිමින් වාරිමාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන සහාය , අගය කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීයන් කරා ඇදී යන තරුණ ශ්‍රමය සුහුරු කෘෂිකාර්මික කටයුතු සඳහා යොමුකිරීම තුළින් රටේ ජාතික ආර්ථික යට සාධනීය බලපෑමක් කරන බැවින් එම වැඩසටහන් සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන ලෙසද අමාත්‍ය වරිය ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටියාය.

මෙම සාකච්ඡාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadona මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published.