හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වෙයි!

එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඇයට මේ සම්මානය හිමි වූයේ ඇගේ සුරතල් කළුකුමාගේ සමීප ඡායාරූපයකට බව ද වාර්තා වේ. වේල්සයේදී පසුගියදා පැවැති එම සම්මාන උලෙළේ තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය සඳහා තරගකරුවන් 6,000කට වඩා ඉදිරිපත් වී සිටි බව එරට මාධ්‍ය වාර්තා කළේය. දශක තුනක ඉතිහාසයකට හිමිකම් කියන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය දිනා ගත් ළාබාලතම ඡායාරූප ශිල්පියා හෝ ශිල්පිනිය ද ඇය බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය. කුඩා වියේ සිටම ඡායාරූපකරණයට යොමු වී සිටින මේ හුරුබුහුටි දැරිය Eagle Eyed Girl නමින් ඇගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යන අතර, එහි ඇය විසින් ගනු ලැබූ වනජීවීන්ගේ ඡායාරූප සහ වීඩියෝපට රැසක් ඇතුළත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published.