ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ලකුණු නොලබාම දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 17කටත් පැතුම් නිස්සංක ලකුණු 2කටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගිය අතර විශිෂ්ට පන්දු යැවීමක නිතර වු  මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණි.

ඊට අමතරව හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් සහ ජස්ප්‍රිට් බුම්රා සහ එක් කඩුල්ලක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබාගනිමින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාව හමුවේ ලැබූ අඩුම ලකුණු සංඛාව ලෙස ඉතිහාසයට එක් වුනා.

Leave a Reply

Your email address will not be published.