ක්‍රිකට් උණුසුම මැද තෙල් මිල ඉහලට..

ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13.00කින් ඉහළ දමා ඇත. එහි නව මිල ලීටරයක් රුපියල. 361.00

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417.00ක් බවට පත්ව ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35.00කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 341.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 1.00කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 359.00ක් බවට පත්ව ඇත.

භූමිතෙල් ලීටරයක් රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර එහි
නව මිල වන්නේ රුපියල් 231.00කි.

Leave a Reply

Your email address will not be published.