නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් 2024.01.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති (ඩී.අයි.ජී) නිලයට උසස් කර තිබේ.

ඔහු පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගන්නා අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කරනු ඇත.

නියෝජ්‍ය පොලිස්පති තල්දූව මහතා 1992 අගෝස්තු 2 වැනිදා පොලිසියට බැඳුණු අතර 2018 ජනවාරි 01 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලැබීය.

ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Leave a Reply

Your email address will not be published.