හානි වූ වනාන්තර වෙනුවෙන් පවිත්‍රා වැඩ අරඹයි..!

අප සමාජයක් ලෙසින් දේශගුණික විපර්යාස නිසා ඇති විය හැකි දිගු කාලීන ප්‍රතිවිපාක අවබෝධ කරගත යුතුවේ.ඒ සඳහා නිතී රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,

ඒ සඳහා පවතින වනාන්තර සංරක්ෂණය කිරීම, හානි වූ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙන්ම තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම තුළින් මහජන දැනුවත්භාවයෙන් හා ස්වයං විනයකින් කටයුතු කළයුතු බව එතුමියගේ අදහස වේ.

එහි මුල් අදියර වශයෙන් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බලප්‍රදේශයේ රිල්හේන ග්‍රාමසේවා වසමේ ගෙවතු 300ක් සඳහා අඹ, දූරියන්, පැණි දොඩම්, ජමනාරං, පේර, රඹුටන් සහ මැංගුස් යන ආර්ථිකමය බෝග ද, කළුවර, නා, හල්මිල්ල හා කුරුඹැටිය යන වන වගා පැළ ද මෙහිදී බෙදාදීමට කටයුතු කලේය.

මේ අවස්ථාව සඳහා කලාප නියෝජ්‍ය වන සංරක්ෂක මහාචාර්ය වසන්ත ලියනගේ මහතා, දිසාවන නිලධාරී ආනන්ද අබේධීර මහතා, අඩවි වන නිලධාරී ඩී.පී.කේ. එච්. මොහොට්ටි මහතා ඇතුළු රක්වාන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් හා රිල්හේන ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ

.

 

Leave a Reply

Your email address will not be published.