රත්නපුර දිස්ත්‍රික්කයේ වාරි සංවර්ධනය සඳහා ඇමති පවිත්‍රාගෙන් රු. මි. 600ක වැඩපිළිවෙළක්”

ස්වාභාවිකව සිදුවන කාලගුණ හා දේශගුණ තත්ත්වයන්හි අහිතරකර බලපෑම් හමුවේ රත්නපුර දිස්ත්‍රික් ජනතාව සෑම වසරකම පාහේ පීඩාවන්ට පත්වේ.

ඒ සඳහා පිළියම් යෙදීම සඳහා වාරිමාර්ග සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රු. මි. 600කට ආසන්න වැය ඇස්තමේන්තුවක් සහිත ඉතා කාලෝචිත වැඩපිළිවෙලක් යෝජනා කර ඇත.

ඒ සඳහා මූලික වටයේ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍යාංශයේ දී අද දින අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

වාරිමාර්ග අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන (CResMPA), මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP), ඒකාබද්ධ ජලාධාර ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP ) යන ව්‍යාපෘතියන්හි මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් වඩාත් විනිවිද භාවයකින් යුතුව සිදුකිරීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සැලැස්ම වී ඇත.

මේ හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය “වලව” විශේෂ බලප්‍රදේශයේ තරුණ ගොවි ව්‍යවසායකන් ඇති කිරීම සඳහා සුහුරු කෘෂි තාක්ෂණ හඳුන්වාදීමට ද සාකච්ඡා විය.

මේ අවස්ථාව සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා ප්‍රධාන, අමාත්‍යාංශ ලේකම්වරු, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දෙපල, ව්‍යාපෘති අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී විය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published.