ජූලි චන්ග් මැතිවරණ කොමිසම හමුවෙයි!

රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපති හමුවී තිබෙන බව වාර්තා වේ.

මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබෙන අතර,මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවයි .

Leave a Reply

Your email address will not be published.