සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා කිරීම නවත්වන්න – වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිසියට උපදෙස් දී ඇත්තේ මින් ඉදිරියට සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා නොකරන ලෙසටයි.

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ උදෑසන ඒ මහතාගේ අලව්ව ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කර ඇත.

වැඩබලන පොලිස්පතිවරයා විසින් , එහිදි මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ බිරිඳට රුපියල් මිලියනයක වන්දියක් ද පිරිනැමූ බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.