ශ්‍රි ලංකා පොදුජන තරුණ පෙරමුණ රටට සෙත් පතයි.

උදාවූ 2024 නව වසරට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සංවිධානය  සර්වා ආගමික වතාවත් වල නිරත විය. අපගේ සියළු ජනතාවට සෙත්පතා මෙම ආගමික වතාවන් පවත්වන ලදි.

බෞද්ධ ආගමික වතාවන්  ඓතිහාසික කෝටිටේ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරමින්, වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමික වතාවන්  රජගිරිය ක්‍රිස්තියානි පල්ලියේදී ද, මුස්ලිම්  ආගමික වතාවන් රජගිරිය මුස්ලිම්  පල්ලියේදී පැවැත්විනි.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ලේකම්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතාගේ හා සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

 

Leave a Reply

Your email address will not be published.