මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්

ප්රධාන මැතිවරණ කල් දැමීමට පොහොට්ටුව විරුද්ධ බවත්, එම මැතිවරණ කල් දැමීමට තමන් දැඩිව විරෝධය පළ කරන බවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

සිරස මාධ්ය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පළාත් කිහිපයකටම පොහොට්ටුවේ ඇමැතිවරුන් නොමැති බැවින් වත්මන් ආණ්ඩුව පොහොට්ටුවේ ආණ්ඩුවක්දැයි කියා තමන්ටද සැක සිතෙන බව කීය.

එමෙන්ම ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවද ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published.