ශිව දෙවියන් වෙනුවෙන් කැපවුනු 2026 දී ප්‍රේක්ෂකයින්ට විවෘත වෙන ලොව නවීනතම ක්‍රිකට් ක්‍රීඩාංගනය..

Varanasi Cricket Stadium

ඉන්දීය රුපියල් කෝටි 451ක් වැය කර, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරනාසි නුවර ගංජාරි හී ඊයේ දින අගමැති මෝදි මුල්ගල් තැබූ මේ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2025 දෙසැම්බර් මාසයේ වැඩ අවසන් කිරීමට නියමිතයි.

ක්‍රීඩාංගනයේ වාස්තුවිද්‍යාත්මක සැලසුම ශිව දෙවියන් වෙනුවෙන් කැප කර තිබේ. එහි ආලෝක කුළුණු ත්‍රිශූල හැඩයෙන්ද, වහලය අඩ සඳ හැඩයෙන්ද, ගාත් පියගැට (Ghat Steps) ආකාරයේ ආසන සැකසුමකින්ද, බිල්විපත්‍ර (Bilvipatra) හැඩැති තහඩු සහිත ඉදිරි මුහුණතකින්ද නිර්මාණය වේ.

ප්‍රේක්ෂකයින් 30,000ක ධාරිතාවයකින් යුත් මෙම වරනාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය 2026 දී ලොව නවීනතම ක්‍රිකටි ක්‍රීඩාංගණය වනු ඇත.!

Leave a Reply

Your email address will not be published.