Home news editor

Author: news editor (news editor)

Post
විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා ලෙස  ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් !

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන්  ඒකනායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,  රෝහල්වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ  වෙනත් සමාන ආයතන වල...

Post
දක්ෂිණ අධිවේගය භාවිතා කරන්නන්ට විශේෂ නිවේදනයක්..

දක්ෂිණ අධිවේගය භාවිතා කරන්නන්ට විශේෂ නිවේදනයක්..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වන බස්රථ ඉමදූව පිවිසුමෙන් පිටතට ගොස් නැවත පින්නදූව පිවිසුමට පිවිස ධාවනය විය හැකි බවයි. කොළඹ සිට හම්බන්තොට දක්වා බස්රථ ධාවනය කිරීමේදි පින්නදූව පිවිසුමෙන් පිටතට ගොස් ඉමදූව පිවිසුමෙන් යළි...

Post
නුවරඑළියේ වාහන ධාවනය බලාගෙනයි !

නුවරඑළියේ වාහන ධාවනය බලාගෙනයි !

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳුකර මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය කරවන ලෙස එම මාර්ග භාවිතා කරනු ලබන රියදුරන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටියි. පවතින වර්ෂාව හා කඳුකර මාර්ගවල නිරන්තරයෙන් ඇති වන දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් රථ වාහන...

Post
ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීමට ඉන්දියාවේ සහය..

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීමට ඉන්දියාවේ සහය..

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබුණා. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු බව පැවසෙන අතර දෙරට සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශවික ගිවිසුම් තුනකට එළැඹීම ද සිදුවූ...

Post
ඉන්දු – ශ්‍රි ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවය හෙට ඇරඹෙයි..

ඉන්දු – ශ්‍රි ලංකා මගී ප්‍රවාහන බෝට්ටු සේවය හෙට ඇරඹෙයි..

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්නම් වරාය සහ යාපනයේ කන්කසන්තුරය වරාය අතර මගී බෝට්ටු සේවය හෙට සිට ආරම්ඹ වෙයි. දශක 4ක පමණ කාලයකට පසුව මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවය යළි ආරම්භ කිරීමට පියවරගෙන ඇත. එක් ගමන් වාරයක් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල ඉන්දීය රුපියල් 7,670ක එනම් ශ්‍රී ලංකා රුපියල් 29,773ක මුදලක් වෙයි. එක් ගමන් වාරයක් සඳහා පැය 3ක...

Post
ජ්‍යෙෂ්ඨ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි…

ජ්‍යෙෂ්ඨ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි…

ජ්‍යෙෂ්ඨ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Post
ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව නිල වශයෙන් යුධ ප්‍රකාශ කරයි…

ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව නිල වශයෙන් යුධ ප්‍රකාශ කරයි…

ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය විසින් නිල වශයෙන් එරට යුද තත්ත්වයක් ප්‍රකාශ පත් කර තිබේ. ඒ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා යාමෙන් පසුවය. පලස්තීනයේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාර මාලාව සහ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් දෙරටේම පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එමෙන්ම ඊශ්‍රායල සිවිල් වැසියන් 100ක් පමණ තවමත් පසුවන්නේ හමාස් සංවිධානයේ ප්‍රාණ...

Post
කටවුට් සහා පෝස්‍ටර් එපා! අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු – ජනපති

කටවුට් සහා පෝස්‍ටර් එපා! අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු – ජනපති

මින් ඉදිරියට තමන්ගේ රුව කටවුට් සහ පෝස්ටර්වල ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ දිනයේදී පැවති මඩකලපුව චෙංකලාඩි මධ්‍ය මහා විද්‍යාලයේ සංවත්සර උත්සවයට එක්වෙමිනි. “තව එක කාරණයක් ගැන මම කියන්න කැමතියි. සම්ප්‍රදායක් හැටියට මම එද්දි ලොකු කටවුට් එකක් දාලා තියෙනවා. ඒත් මම කටවුට්වලට විරුද්ධයි. මම කියන්නේ අපි...

Post
කොළඹ නගරයේ ඇති අනාරක්ෂිත ගස් කපා  ඉවත් කෙරේ..

කොළඹ නගරයේ ඇති අනාරක්ෂිත ගස් කපා ඉවත් කෙරේ..

කොළඹ ඩුප්ලිකේෂන් පාරේ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමෙන් වූ අනතුරෙන් පසුව කොළඹ නගරයේ පාර දෙපස අනාරක්‍ෂිත ගස් කොළඹ නගර සභාව ඊයේ පෙරවරුවේ සිට ඉවත් කළේය. ඒ අනුව කොළඹ නගර සීමාවේ පාරවල් රැසක වසර 100 කට ආසන්න පැරණි විශාල රැස් රැසක් කපා ඉවත් කළ අතර ඇතැම් ගස්වල විශාල අතු කපා ඉවත්කළේය.

Post
වැඩබලන මුදල් ඇමති ලෙස ශෙහාන්  සේමසිංහ මහතා පත් කරයි…

වැඩබලන මුදල් ඇමති ලෙස ශෙහාන් සේමසිංහ මහතා පත් කරයි…

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙ තෙක් බලපැවැත්වෙන පරිදිය. ජනාධිපතිවරයා අද අලුයම ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණි.