BREAKING NEWSEXCLUSIVE
රටම රතු,කහ,කොල කලාප ලෙස වෙන් කෙරේ – රතු කලාපයන්ට ඇදිරි නීතිය!

ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට පැතිරෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසනවා.
ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ්‍රී ලංකාව කලාප වලට බෙදන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.
එසේ නොමැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටළු රැසක් ඇති වන බවත් එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.