CRICKETSPORTS

ශ්‍රී ලංකාවටත් පැරදුනු සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ වැටුප් කපා හරි

ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් 1-0 ලෙස පරාජය වූ සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ.

සිය මවුරටේදී ශ්‍රී ලංකාව වැනි රටක් සමග ටෙස්ට් ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවීම සහ ප‍්‍රමාණවත් දස්කම් දැක්වීමට අපොහොසත් වීම විශාල දුර්වලතාවයක් බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අදහස වී තිබේ.

ශී‍්‍ර ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලූ 10කින් පරාජයට පත් වූ සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

කෙසේ වුවද කණ්ඩායමේ කි‍්‍රයාකාරකම් වලට ප‍්‍රතිචාර දැක්විය යුතු බව සිම්බාබ්වේ කි‍්‍රකට් සභාපතිවරයා සඳහන් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button