BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය රුසියානු ප්‍රහාර හමුවේ ගිනි ගනියි..

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්‍රේනයේ පිහිටි Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය රුසියානු ප්‍රහාර හමුවේ ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.

ගිනිකොන දිග යුක්රේනයේ පිහිටි මෙම න්‍යෂ්ටික බලාගාරයේ ගොඩනැගිලි වලට රුසියානු යුද ටැංකි විසින් වෙඩි තබන ආකාරයේ වීඩියෝවක්ද නිකුත් වී තිබෙනවා.

මෙම ගිනි ගැනීම සමග දැඩි න්‍යෂ්ටික විකිරණ කාන්දුවක් පිළිබඳ අවදානමක් මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමගම යුක්රේන රජයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ බලාගාරය පිහිටි ස්ථානය අවට විකිරණශීලි මට්ටම ඉහළ ගොස් ඇති බවයි සේ නමුත් රුසියානු රජය ප්‍රකාශ කරන්නේ ප්‍රදේශයේ විකිරණශීලි මට්ටම සාමාන්‍ය මට්ටමක පවතින බවයි.

යුක්‍රේන පරමාණුක බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ බලාගාරයේ ජනන ඒකක හයෙන් එකක් රුසියානු ප්‍රහාර හමුවේ ඇති වූ ගින්නෙන් දැනටමත් විනාශ වී ඇති බවයි.

මෙම බලාගාරය පුපුරා ගියහොත් චර්නොබිල් බලාගාරයේ පිපිරීමට වඩා 10 ගුණයක් තරම් ප්‍රබල වනු ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button