BREAKING NEWSENTERTAINMENTEXCLUSIVE
බොලිවුඩය ආක්‍රමණය කරන යොහානි…

ලොව වැඩිම සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාවක් හිමි යූ ටියුබ් චැනලය සහ ඉන්දියානු සංගීත පටිගත කිරීමේ ලේබලයක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදන සමාගමක්ද වන T-Series ලේබලය යටතේ යොහානි ද සිල්වා ගේ පළමු හින්දි ගීතය අද (28) එලිදැක්වුවා.
ඉදිරියේ තිරගතවීමට නියමිත Shiddat නම් චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදය (Shiddat Title Track-Official female version)යි අද එලෙස යොහානිගේ හඬින් එලි දැක්වුනේ.
මෙම ගීතය යොහානි විසින් සිය නිල යූටියුබ් නාලිකාව හරහා එලි දක්වා තිබුනද මේ වන විටත් එය t series නාලිකාව හරහා පල කර නැත.
කෙසේ වෙතත් මේ වන විට නව ගීතයට ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.