BREAKING NEWSEXCLUSIVE

මත්තලට පැමිණෙද්දී සිසුන් සතුටින් හඬා වැටේ – ජනපති ගෝඨාභයටත් විශේෂ ස්තූතියක්

චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට සිසුන් රැගෙන ආ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැසීමත් සමගම සිටි සිසුන් අත්පොළසන් දී ප්‍රීතිඝෝෂා කර තිබේ.

මත්තල ගුවන් තොටුපොළේ ගොඩ පෑමෙන් පසු එම සිසුන්ට තම දෙමාපියන් සමග දුරකතනයෙන් කතාබහ කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

එහිදී ඇතැම් සිසුන් සතුටින් හඬා වැටී ඇති බව ද සඳහන්ය. ඔවුන් විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ස්තූතියක්ද ලබා දී තිබෙන බවත් වාර්තා වේ.

එම සිසුන්ගේ එක් දෙමාපියකු සඳහන් කළේ තම දරුවන් ගෙන්වාදීම සම්බන්ධයෙන් රජයටත් ජනාධිපතිතුමාට පින් දෙන බවත් දෙසතියක් නොව තුන් මාසයක් වුවද කැමති තැනක තම දරුවන් රදවා ගත්තද දැන් බියක් නැති බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button