BREAKING NEWSEXCLUSIVE
අවදානම මැද වූහාන් වීර චාරිකාවේ ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ දරුවන් පාසැල්වලින් එලවයි – කොරෝනා බෝවෙයිලු!

චිනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් නැවත මවුබිමට ගෙන ආ වීර ගුවන් චාරිකාවේ නිරත වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය එම ගුවන් ගමන හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවී තිබෙන බව වාර්තා වේ.
එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේම දරුවන්ට පාසල් වලට ඇතුළු වීමට විදුහල්පතිවරුන් විසින් අවසර දී නැත. එමෙන්ම දෙමාපියන්ද විරුද්ධ වී තිබේ.
ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොරෝනා ආසාදිත යැයි සැලකෙන පිරිසක් රැගෙන ඒම හේතුවෙන් ඔවුන්ගෙන් තම දරුවන්ට එම වෛරසය ආසාදනය වේ යයි බිය හේතුවෙනි.
මේ සම්බන්ධයෙන කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී දැඩි විරෝධය එල්ල විය
මේ අතර වාර්තා වන්නේ එම කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ට කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් පහසුකම් දීමද ප්‍රතික්ෂේප කර ඇති බවයි.