EASTINTERNATIONAL NEWS

ලොව ලාබාලතම අගමැතිවරිය බිහිවේ

ලොව ලාබාලතම අගමැතිවරිය බවට ෆින්ලන්තයේ සන්නා මැරීන් පත්ව තිබෙනවා. 34 හැවිරිදි සන්නා මැරීන් ෆින්ලන්තයේ කාන්තා නායකත්වයෙන් යුත් සභාග රජයක සඳහා ප්‍රධානියා වශයෙන් ඇය කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

හිටපු අගමැති ඇන්ටි රින් ඉවත්වීමෙන් පසු ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ සන්නා මැරීන් ඇය නියෝජනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් අගමැතිවරයා ලෙස තෝරා ගෙන ඇත. නව අගමැතිවරිය මේ සතියේ දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

මේ අනුව නව ෆින්ලන්ත රජයම කාන්තා රජයක් වීම විශේෂත්වයකි. කාන්තා නායිකාවන් ප්‍රධානත්වය දරණ වාමාංශික පක්ෂ 05 ක සන්ධානයක් සඳහා සන්නා මැරීන් නායකත්වය දරනු ඇත.

කාන්තාවන් පමණක් නායකත්වය දරනා සන්ධානයකින් රජයක් බිහි වූ ලොව පළමු රජය මෙයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button