කොරෝනා වසංගතය තවත් ප්‍රබල වෙමින් පැතිරේ – ලොව පුරා මරණ 1500ත් ඉක්මවයි

තවමත් නිවැරදි ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සීග්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරසය ඇති කරනා බලපෑම දිනෙන් දින ප්‍රබල වෙමින් පවතී.
මේ කොරොනා වෛරසය හේතුවෙන් සිදු වූ නිල මරණ ගණන පමණක් ලොව පුරා 1500 ඉක්මවා තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මෙහි නිල නොවන මරණ ගණන එයටත් වඩා වැඩි විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙවැනි පසුබිමක ලෝක ජනගහණයෙන් 60% කට නව කොරෝනා වෛරසය වැළදීමේ අවධානමක් ඇති බව හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා වන මහාචාර්ය ගැබ්රියෙල් ලුංග් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටිනවා.
කොරෝනා වෛරසය වැලදීමෙන් මියගිය සංඛ්‍යාව රෝගයට ගොදුරුවී ඇති පිරිස හා සැසදීමේදී සියයට එකක අගයක් සේ පෙනුනත් මින් ඇතිවිය හැකි තත්ත්වය ඉතා බරපතල බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහිදි අදහස් දැක්වූ මහාචාර්යවරයා,
” වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට ලොවපුරා රටවල් විවිධ ක්‍රම යොදා ගනු ලැබුවත් මෙය අයිස් කන්දක් වගේ වෛරසයක්. අපිට පෙන්නේ ජලයෙන් මතුපිට පෙනෙන කොටස පමණයි. නමුත් නොපෙනෙන කොටස භයංකාරයි. මෙම වෛරසය නොනවතින රැල්ලක් මෙන් ලොවපුරා පැතිරී යා හැකියි.
ඒ වගේම චීනය තම රටේ වෛරසයට ගොදුරුවූ පිරිස හා මියගිය සංඛ්‍යාවන් සම්බ්න්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදීමක් සිදුකරන්නේ නැහැ. මෙයත් එක්තරා ආකාරයේ ගැටළු සහගත තත්ත්වයක්” යනුවෙන් ප්‍රකාශ කර සිටියා.