BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සිනොෆාම් එන්නත හදිසි භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිශ්පාදිත සිනොෆාම් එන්නත හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) මගින් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව ලොව පුරා රටවල් වලින් එයට දැඩි ඉල්ලුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙරට ජනතාවට ලබන සතියේ සිටම සිනොෆාම් එන්නත ලබාදීමට රජය විසින් පෙර සිටම කටයුතු සූදානම් වෙමින් පැවතුනා.

මේ අතර,රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, චීනයෙන් මෙරටට ලැබී ඇති සිනොෆාම් එන්නත් තොගය ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරා එන්නත් කිරීම ලබන සතියේ සිට සිදු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් වෙමින් පවතින බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button