BREAKING NEWSEXCLUSIVE
කොරෝනා නිසා ලොවම අනුගමනය කරනා සිංහලයන්ගේ ‘ආයුබෝවන්’.!

මේ වනවිට ලොව පුරා පැතිර යමින් තිබෙනා කොරෝනා වසංගතය හමුවේ ලොව පුරාම සාම්ප්රදායික ආචාර ක්රමය වන අතට අත දීම යුරෝපියයන් සහ බටහිර ජාතිකයන් නවතා දමා තිබේ.
ඒ වෙනුවට ඔවුන් විසින් දෑත් එක්කර අමුත්තන්ට ආචාර කරනා ක්රමය අනුගමනය කරමින් සිටියි. එය පුරාණයේ සිට ශ්රී ලංකාවේ සිංහලයන් විසින් භාවිතා කළ සාම්ප්රදායික ආචාර කිරීමේ ක්රමය වීම විශේෂත්වයකි.
ඊයේ දින අමුත්තන් පිරිසක් හමුවූ එංගලන්තයේ චාල්ස් කුමරුද ඉංග්රීසි ජාතිකයන්ගේ අතට අත දීම සිදු නොකර, දෑත් එක් කර ආචාර කිරීම ලොවෙහිම අවදානයට පත්ව තිබීම විශේෂත්වයකි.