ශ්‍රී ලංකාව, සිංහල බෞද්ධ රටක් නොවේ,මහාවංශය ප්‍රබන්ධයක් – විග්නේෂ්වරන් පවසයි

කියයිශ්රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මහා වංශය වැනි ඉතිහාස ලේඛණ පාලි භාෂාවෙන් රචිත ප්‍රභන්ධ කතා බවයි.
එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම මුළුමනින් වැරදි බවත්, ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එම නිවේදනයෙන් සඳහන් කරන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් සිංහල ප්‍රජාවට පාලි බසින් ප්‍රබන්ධ කතා නිර්මාණය කරමින් වැරදි අර්ථ ගැන්වීම් ලබා දී ඇති බවයි.
සිංහල ඉතිහාසඥයින් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා ඉතිහාසය ලෙස ව්‍යාජ ප්රබන්ධයන් ගොඩනැගීමට විශාල ප්රයත්නයක් දරා ඇති බව ද විග්නේෂ්වරන්ගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ප්‍රදේශවල කිසිදු සිංහල – බෞද්ධයෙකු වාසය කර නොමැති බවත්, ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාව කිසිදු ලෙසකින් සිංහලයන්ගේ නිජ භූමියක් නොවන බවත්, සැබෑ මුල්වැසියන් වන්නේ දෙමළ වැසියන් වීම හේතුවෙන් අතීතයේදී ශ්‍රී ලංකාවේ ජීවත්ව ඇත්තේ දෙමළ බෞද්ධයන් බව සිය නිවේදනයෙන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කරනවා.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ චීන ජාතිකයන් අතීතයේදී ශ්‍රී ලංකාවේ එකාවන්ව ජීවත්ව ඇති බවත්, සිංහල ප්‍රජාව ශ්‍රී ලංකාව ඔවුන්ගේ බවට හිමිකම් ප්‍රකාශ කිරීමෙන් පසු ජාතීන් අතර, බිඳ වැටීම් ඇතිවූ බවත්, උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
It is these stupid politicians who create problems in the nationalities. Their underlying purpose is very clear to us.