BREAKING NEWSEXCLUSIVEPOLITICS
මවුබිමේ පංචායුධය හැක් වෙයි!

තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම පසුගිය දිනවල යම් කිසිවකු විසින් අත්පත් කරගෙන පැවති අතර මේ වනවිට එය නැවතත් සම්පූර්ණයෙන්ම තමන් වෙත ලබාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එම ගිණුම ලබාගත් පුද්ගලයා අදාළ කාලසීමාව තුළ ගැටුමක් ඇති වන ආකාරයේ පෝස්ටු ෂෙයා කර ඇති බවත් කිසිදු වගවිභාගයකින් තොරව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අයට අනුකම්පා කරන බවත් අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.