BREAKING NEWSEXCLUSIVEPOLITICS
උදේ ඉඳන් රෑ වෙනකල් ප්‍රශ්න. හැම එකාම අපේ අම්මාව මතක් කරනවා – වනජීවී ඇමති

වන සතුන් ගම්වදින සෑම අවස්ථාවකදීම ගම්වාසීන්ගෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුව ඇති බවත් මේ තරම් බැණුම් අසන අමාත්‍යාංශයක් භාරගත්තාට තමන්ට වෙනම ත්‍යාගයක් දියයුතු බවත් වනජීවී රැකවරණ, අලි වැට හා අලි අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
“උදේ ඉඳන් රෑ වෙනකල් ප්‍රශ්න. අරහෙන් අලි පනිනවා, මෙහෙන් මොණරු පනිනවා, එහෙන් රිලව් පනිනවා. පනින පනින හැම එකාම පනිනකොට අපේ අම්මා මතක් කරනවා.
ඉතිං මේ තරම් බැණුම් අහන අමාත්‍යාංශයක් මං ගත්තට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ. කවුරුහරි කියනවාද විමලවීරට මැජික් එකක් පෙන්නනය කියලා ? බෑ !
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද මෙම උත්සවයට සහභාගී වී සිටියේය.