BREAKING NEWSEXCLUSIVE
ඇමති විමල්ගෙන් නිළධාරීන්ට කනේ පහරක් – සිංහල භාෂාව ප්‍රථමයෙන් යොදා නාම පුවරුව අලුතෙන් සවි කරවයි

පසුගිය දින ඇමති විමල් වීරවංශ විසින් මෙරට විනාශ වී ගිය කර්මාන්තශාලා නැවතත් ඇරඹීමේ ජාතික ව්‍යාපාරයක් අරඹා තිබේ.
එහිදී ඔහු මන්නාරම තල් කෙදි සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීම දැඩි ආන්දෝලනයට තුඩු දුන්නේය. ඒ එහි නාම පුවරුවේ නාමය සිංහල භාෂාව දෙවන තැනට දමා තිබීමෙනි.
මෙම නාමපුවරුව සවිකිරීම සාමාන්‍ය ක්‍රමවේදය අනුව එම ආයතනයේ ප්‍රධාන අධීක්ෂණ නිළධාරියෙකුගේ මැදිහත්වීමෙන් සිදුව තිබුණි.
කෙසේ වෙතත් ඒ බව දුටු අමාත්‍යවරයා එවෙලේම එම නාමපුවරුව වෙනස් කොට, සිංහල භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට උපදෙස් දී තිබුණි. මෙය සමාජයේ දැඩි ආන්දෝලනයටද ලක් විය.
මේ අනුව අද පස්වරුව වනවිට පැරණි නාම පුවරුව ගලවා, සිංහල භාෂාවට මුල් තැන දී නව නාම පුවරුව සවිකර තිබේ. ඒ අමාත්‍ය විමල් වීරවංශගේ සෘජු මැදිහත්වීම හා උපදෙස් මතය.
එම නව නාමපුවරුවේ ඡායාරූප පහතින්,
පැරණි නාමපුවරුව