BREAKING NEWSEXCLUSIVEPOLITICS
විමල් පාර්ලිමේන්තු රැස්වීමකටවත් ඇවිත් නෑ

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගීවී නැතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වලට සහභාගිවී ඇත.
විමල් වීරවංශ මහතා ඇමැති තනතුරින් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු මස 3 වැනිදාය.
ඇමැති තනතුරින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල මහතාත් ඇමැති තනතුරේ කටයුතුවලින් ඉවත්වූ වාසුදේව නානායක්කාර මහතාත් පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයකටම පසුගිය දිනවල සහභාගිවූහ.
ඇමති තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවේ වෙන් කෙරුණේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසන දෙකකි.