BREAKING NEWSEXCLUSIVEPOLITICS

විමල් හිටපු අගමැති රනිල් ගැන කතා කරයි..!

ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම විසින් සැකසූ  මුළු රටම හරිමඟට ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ ඊයේ ඔවුන් මහනුවරට පැමිනියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විරවංශ මන්ත්‍රීවරයා මෙසේ පිළිතුරු දුන්නා.

” රනිල් වික්‍රමසිංහ මහත්තයා පාවිච්චි කරන්න හදනවාද ? රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද නැද්ද කියන එක මෙතන වැදගත් නැහැ. කොහොම නුමුත් මේ සර්ව පාක්ෂික සමුළුවෙත් මුදල් ඇමතිවරයාගේ හැසිරීමෙන් පෙන්නුවා. දැන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා ආමන්ත්‍රණය කරන්න තරම් උද්ධච්ජ මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්නුවා. ඒකෙත් ඔහුට ඕන සමගියක් නෙමෙයි. එතැනත් ඕන ගැටුම. මෙහෙම උද්දච්ජ අවලස්සන ඇමෙරිකානුවෙක් තියාගෙන මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා ඔය උද්ද්ච්ජ පාලනය අවසන් කරන්න.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button