BREAKING NEWSEXCLUSIVE

“උකුස්සන්, කටුස්සන් ගෙදර යවමු” විමල්ගෙන් මෛත්‍රීපාලට දැඩි ප්‍රහාරයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අරමුණු සහ පරමාර්ථ වලට සහ එතුමන් බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

උත්සව අවස්තාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද ‘උකුසු’ ප‍්‍රකාශයද එහීදී අමාත්‍යවරයාගේ අවදානයට ලක්විය.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උකුස්සෙක් රජ කරන්දී කොරෝනා ආවානම් හැසිරෙන ආකාරය බලාගැනීමට තිබූ බවත්, පාස්කු ප‍්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වලක්වා නොගෙන බකන් නිලාගෙන සිටි බවත්ය.

මීළඟ මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන රට වෙනුවෙන් කැපවන පුද්ගලයන් පාර්ලිමේන්තුව එවීමට ජනතාව තීරණය කර ඇතැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button