BREAKING NEWSEXCLUSIVE

විල්පත්තුවේ කෝමාරිකා වගාව ගැන කව්රුත් නොකියන තිත්ත ඇත්ත මෙන්න

මේ දිනවල විල්පත්තුව කපා දමමින් කෝමාරිකා වගා ව්‍යපෘතියක් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බවට සමාජ ජාල හා ප්‍රධාන ධාරාවේ මාද්‍ය වල පුවතක් ප්‍රචාරය වෙමින් පවතින අතර එහි සත්‍ය හෙලි කරමින් චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍යoගනය යාය 18 ප්‍රදේශය තුල ක්‍රියාත්මක කොමාරිකා ව්‍යාපෘතිය

ප්‍රකට කාබනික කෘෂි සමාගමක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කරමින් පවතින කාබනික
කෝමාරිකා වගා ව්‍යාපෘතිය සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ජාතික මාධ්‍ය තුලද පැතිරෙමින් තිබෙන
සාවද්‍ය වාර්ත සහ තොරතුරු පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන හා පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය
එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය දැඩි අවධානය යොමු කර සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙසත්, දීර්ඝකාලීන දේශපාලන සහ සමාජීය
අත්දැකීම් ඇතෙකු ලෙසත්, වසර 20 කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, ගොඩනගා ගත්
කිර්තිනාමයට හානිදායක ලෙස තමාවද සම්බන්ධ කර ගනිමින් තිබෙන මෙකී සාවධ්‍ය වාර්තතා හුදෙක්
එළෙඹෙන මැතිවරණය ඉල්ලක්ක කරගෙන සිදු කරන්නක් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා
අවධාරණය කර සිටී.

යෝජිත කාබනික කෝමාරිකා ව්‍යාපෘතිය ආරම්භ කර ඇති පෞද්ගලික සමාගම දේශීය කෘෂිභෝග සඳහා
යුරෝපීය ඇතුළු ජාත්‍යන්තර වෙළදපල සැකසීම සඳහා ඉදිරිපත්ව ඇති සමාගම 100% ක්ම දේශීය කෘෂි
සමාගමකි. 100% ක්ම පරිසර හිතකාමී සහ කෘෂි රසායනික භාවිතයෙන් තොර ජාත්‍යන්තර කාබනික වගා
නිර්ණායක මත පමණක් සිදු කෙරෙන මෙම කොමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ හෝ
වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අයත් කිසිදු ඉඩමක් මෙම අමාත්‍යාංශය මගින් ලබා දී නොමැත.

අවශ්‍ය වගා බිම් සහ ගොවින් තෝරා ගැනීමද, කාබනික වගාවට සම්බන්ධ නිර්දේශයන් මත ගොවි
සංවිධාන, ගොවින් සහ එකී සමාගම අතර ඇති වූ අවබෝධයෙන් සිදු වූවක් අතර අක්කර 92 , අක්කර 1
අක්කර 1 % බැගින් මීට පෙර වගා කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කොට වගා කොට, විවිධ හේතු මත
අතහැර දමන ලද හෝ වෙනත් භෝග වගා කරමින් තිබෙන ඉඩම් වලින් තෝරා ගෙන ඇත.

රක්ෂිත එලි කික් හෝ වන වගාවක් විනාශ කිරීමක් හෝ මෙහි සිදුව නොමැති අතර විවිධ මාධ්‍ය මගින්
කියවෙන පිරිදි විල්පත්තු ජාතික වනෝද්‍යානයට මෙකි රාජ්‍යයන වගා බිම් වල සබඳතාවක් ද නොමැත.

මේ සම්බන්ධව සාවධ්‍ය තොරතුරු මත චෝදනා නගන කිසිවෙක් මෙකි ප්‍රදේශයට ගොස් සමීප නිරීක්ෂණයට
ලක් කොට නොමැති අතර අදාල ඉඩම් හිමි කිසිදු ගොවියෙකුගෙන් ප්‍රශ්න කර ද නොමැත. මෙම ව්‍යාපෘතිය.
ආරම්භ කිර්ම සඳහා මැදිහත් වූ ගොවි සංවිධාන නියෝජිතයින් සමඟද සාකච්ඡා කොට නොමැත.

විශේෂයෙන්ම ගෙවීගිය අවුරුදු පහ තුල විල්පත්තුවට සිදු කරන ලද දැවැන්ත වන විනාශයට එරෙහිව ඊට
වගකිව යුතු පාර්ගර්ශවයන්ට විරුද්ධව සිදු කෙරෙමින් පවතින විමර්ශන යටපත් කිර්මටත්, දුෂිත යහපාලන
රජය මෙන්ම වර්තමාන රජයද විල්පත්තුව විනාශ කරන බව ජනතාව තුල වැරදි මතයක් නිර්මාණය.
කිර්මටත්, ස්වදේශික ආර්ථිකයක් ගොඩනැගීම සඳහා දිරිගැන්වීම් සහිතව ඉදිරිපත් වන දෙස් විදෙස්
ආයෝජකයන් අධෛර්ගයට පත්කොට ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන
ඇති පියවර අඩපන කිරීමටත් යම් සංවිධානාත්මක කණ්ඩායමක් ක්‍රියා කරමින් තිබෙන බව අමාත්‍ය එස්.එම්.
චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

සමාජ මාධ්‍යකරණය තුල ඕනෑම තනි පුද්ගලයෙකුට ආයාසයකින් තොරව සන්නිවේදකයෙකු විය හැකි නිසා
තමන් තුල ඇති දේශපාලන මතවාදයට වාසිවන ලෙස අන්තර්තර්ජාලය තුල හැසිර්මට යම් පිරිසක් පෙළඹී
තිබෙන බව බවත්, මෙවැනි පදනම් විරහිත චෝදනා ගොඩ නගමින් විවිධ පෞද්ගලික ඵල ප්‍රයෝජන ලැබූ
සංවිධානාත්මක කණ්ඩායම් ගැන පසුගිය කාලයේ රටටම හෙළිදරව් වූ බවත් පවසන අමාත්‍ය එස්.එම්.
චන්ද්‍රසේන මහතා මෙකී දුර්මත ප්‍රචාරය කිරීම සඳහා යොදා ගන්නා සංඛ්‍යාලේඛන තොරතුරු මෙන්ම
ඡායාරූපද අදාල කෝමාරිකා ව්‍යාපෘතියට සම්බන්ධ දැ නොවන බවද අවධාරණය කර සිටී.

තම පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලය වැනි වැදගත් තොරතුරු, ප්‍රවෘත්ති මුලාශ්‍රයන්
භාවිතා කිරීමට යාමෙන් එකී සමාජ මාධ්‍ය පිළිබඳව ජනතාව අතර අවිශ්වාසයක් ගොඩනැගීම
නිරායාසයෙන්ම සිදුවෙන බව පවසන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙවැනි ජාතික ව්‍යාපෘතියක්
ආරම්භ කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තයට, ආරථිකයට මෙන්ම ප්‍රධාන පරිසර සාධකයක් වන පාංශු
සංරණයටද සිදුවන අති මහත් සේවය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘති පිළිබඳව සලකා බැලීම වැදගත්
බවද පවසා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button