BREAKING NEWSEXCLUSIVE

ජනපති ඉල්ලා අස් වෙයිද..?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කියාසිටියා.

රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් කටකතා පතුරවන බව ජනාධිපති මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සළකා බලන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමත් සමග කිංස්ලි රත්නායක මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button