BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොවිඩ් එන්නත ගත් හැමෝම ඇත්තටම වසර දෙකකින් මිය යනවාද…?

කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිත කරන එන්නත් ලබා දී ඇති සියළු ජනතාව වසර දෙකක කාලයකදී මිය යන බවට ලෝකප්‍රකට විද්‍යාඥයෙකු විසින් සිදුකලා යයි පවසමින් සමාජ ජාලාවල පැතිරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම වෛරස් විද්‍යා මහාචාර්යවරයෙකු වන තිස්ස විතාරණ මහතා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් අදහස් පළ කර සිටියා.

එහිදි ඔහු සඳහන් කරන්නේ එම කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එසේ වීමට කිසිදු හැකියාවක් නැති බවත් ය.
එමෙන්ම එම ප්‍රකාශය කළේ යැයි පැවසෙන විද්‍යාඥයා තමන් එවැන්නක් නොකී බවට පසුව ප්‍රකාශ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එන්නත් සොයාගැනිම සදහා දැන් නවීන ක්‍රම ඇති බවත් එනිසා එය වඩා වේගවත් වී ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button