BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඉපදිලා මාස 6න් මම වනජීවී ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ, ජානවලත් තියනවා – ඇමතිවරු සමග වැඩ කරන්න සූදානම්.

ඊයේ පැවති උත්සවයක් අමතමින් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වනජීවී ක්ෂේත්‍රය  සම්බන්ධ ඇමතිවරු තිදෙනා සමග වැඩ කිරීනට තමන් සූදානම් බවයි.

අලි මිනිස් ගැටුමට විසදුමක් ලබා දෙන්න අපි ආන්ඩු කාලෙත් බැරි වුනා.මතක තියාගන්න මේ වන ජීවී ක්ෂේත්‍රයතමුන්නාන්සේලා බොහෝ දෙනෙක්ටත් වැඩිය ප්‍රථමයෙන්ම සම්බන්ධ වුනේ මම ඉපදිලා මාස හයෙන් මගේ පියානන්මාව ගෙනිච්චා කොස්ගස් මංකඩ කෑම්ප් සයිට් එකට එදා පටං හැම අවුරුද්දකටම වසරකට තුන් වතාවක් අපිවකැලෑවට ගෙනැල්ලා පරිසරයේ තියන වටිනාකම සතා සිව්පාවන්ගේ තියන වැදගත් කම මේ පරිසරය දේශපාලන මාතෘකාවක් බවට පත් වන්නටත් පෙර මගේ පියානන් තමයි පරිසර සංරක්ෂණය පිළිබදව උතුම් දායාදය මා වෙතලබා දුන්නේ.”, යනුවෙන් අදහස් දැක්වූ මහතා වැඩිදුරටත්,

මම ඉපදුනේ 1967 ප්‍රධාන වශයෙන් පරිසරය ගැන ලෝක අවධානය යොමු වුනේ 1972 ස්ටොක් හෝම්සම්මන්ත්‍රණයෙන් පසු මගේ පියානන් පරිසරයේ වැදගත්කම මට උගන්න්න පටං ගත්තේ සම්මන්ත්‍රණටත් පෙර නිසා මේ වන ජීවී ක්ෂේත්‍රය පරිසර සංරක්ෂණයපේ ඇට මිදුලු වල, ලේ මස් නහර වල, ජානවලත් තිබෙනවා කියන එකමම නොබියව ප්‍රකාශ කර සිටිනවා. මම අදහස් කරනවා වන ජීවී ක්ෂේත්‍රය ගැන ඉන්න ඇමති වරු තුන් දෙනාටවිපක්ෂ නායකවරයා හැටියට එතුමන්ලා තුන් දෙනත් එක්ක අත්වැල් බැදගෙන වැඩ කරන්න.” යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button