BREAKING NEWSEXCLUSIVE

“රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වී මහමැතිකමට ඉල්ලන්න” විදුර වික්‍රමනායකට විපක්ෂයෙන් ආරාධානාවක්

රජය විසින් ලබාදුන් රාජ්‍ය ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග වදින ලෙස තමන්ට විපක්ෂය විසින් යෝජනා කළ බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක පවසනවා.

තමන්ට ලබාදුන් අමාත්‍යාංශය අලුත් විෂයක් වූ ද පොලොව ඇද තැන්වලත් නටන්න විදුර වික්‍රමනායක සූදානම් යයිද ඔහු එහිදී සඳහන් කළා.

තමන් මෙතෙන් දිනක් ඇමති ධුරයේ වැඩ බාර නොගත්තේ තමන්ගේ කැබිනට් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඇමති ධුරයේ වැඩ බාර නොගත් නිසා යැයිද කලුතර ප්‍රදේශයේ ජනතාව අමතමින් ඔහු එහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය කැඳවා ඔහු මෙම අදහස් පල කරන ලදී.

සබැඳි පුවත් :

විජයදාසට, දයාසිරිට ජනපතිගෙන් ඇමතුම්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button