කෝරෝනා භීතිකාවෙන් තොග වෙළඳුන්ට ගජ වාසි – සුපිරි වෙළඳසැල් හිස්, අත්‍යවශ්‍ය අහාර මිල වැඩි කිරීමට තොග වෙළදුන්ගෙන් තීරණයක්!

කෝරොනා භීතිකාවෙන් අනවශ්‍ය ලෙස කලබලයට පත්ව ඇති මෙරට ජනතාව හේතුවෙන් ආහාර ඇට්ය්හුලු පාරිභෝගික ද්‍රව්‍ය තොග මිලට සපයන ව්‍යාපාරිකයන් අතිශය ලාභ උපයමින් සිටිනා බව වාර්තා වේ.
ඒ ඉතාමත් සීග්‍රයෙන් හිස් වන සුපිරි වෙළඳසැල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම වෙනදාට වඩා ඉහළ පරිමාණයෙන් සිදු වීම හේතුවෙනි.
මෙරට ජනතාව ඊයේ දිනයේ සිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටිනු දක්නට ලැබිනි.
රට පුරා පිහිටි සුපිරි වෙළඳසැල් මෙන්ම සාමාන්‍ය වෙළඳපොළවල්වල සහල් පිටි පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ඔවුන් මිලට ගැනීමට කටයුතු කර ඇත.
මේ හේතුවෙන් බොහෝ සුපිරි වෙළඳ සැල්වල රාක්ක හිස්ව ගොස් ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිගයක් ඇතිව තිබේ. එමගින් ඉහළ වාසි ලබා ගැනීම සදහා ඉහළ ඉල්ලුමක් ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ දැමීමටද සාකච්ඡාවක් ඇතිව තිබේ.
තවද වාර්තා වන්නේ මෙම ආහාර හිගය දිගටම පැවතුනහොත් මින්පෙර තොග වෙළඳසැල් වලින් ඉවත් කර තිබූ නරක් වූ හෝ කල් ඉකුත් වූ ආහාරද වෙළඳසැල් වලට නිකුත් කිරීමේ අවදානමක් මතුව තිබෙනා බවයි.