BREAKING NEWSEXCLUSIVE

පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාව ඇත්තේ කුමන පිරිස් සඳහා ද?

පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාව ඇත්තේ කුමන පිරිස් සඳහා ද යන්න පිළිබඳව පොලීසිය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ අනුව පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාවක් ඇත්තේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති සේවකයින් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊට අමතරව පළාත් මායිම් හරහා ගමන් කිරීමේ හැකියාව ඇත්තේ යම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට සහ සමීප ඥාතියෙකුගේ අවමංගල්‍ය අවස්ථාවකදී බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button