BREAKING NEWSEXCLUSIVE

කොරෝනා ආසාධිතයෙකු ලංකාවෙන් – අවදානම හමුවේ අප කළ යුතු දේ!

ශ්‍රී ලංකාව තුළ පළමු කොරෝනා අසාදිතයා හමු වීමත් සමගම මෙරටද කොරෝනා අවදානමට ලක්ව තිබේ. රෝගියා සංචාරක මඟපෙන්වන්නෙකි. ඔහු ඉතාලියේ සිට පැමිණි සංචාරක පිරිසකට මඟ පෙන්වා තිබේ. මෙම සංචාරකයන් පිරිස සොයා, රෝහල් ගත කිරීමට තවමත් නොහැකිව තිබේ.

ඒ අනුව මේ තීරණාත්මක අවස්තාවේ ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් පිළිබැඳීම අත්‍යවශ්‍ය කරුණකි.

කොරෝනා පැතිරීමට ශ්‍රී ලංකාවේ දැන් පවතින අධික උෂ්ණත්වය බාධාවක් බව කියවුනද උෂ්ණ අධික රටවල පවා කොරෝනා රෝගය පැතිර යමින් තිබෙනා මේ මොහොතේ සොබාදහම මතම යැපීම ප්‍රමාණවහ් නොවන බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් පවසනවා.

බලධාරීන් පවසන අන්දමට මෙරට මහජනතාව අවදානම පිළිබඳව දැනුවත් වී බරපතල ලෙස කටයුතු කිරීමටත්, පෙර සුදානමින් කටයුතු කිරීමටත් කාලය එළඹ තිබේ.

කොරෝනා තර්ජනයට මුහුණ දීමේදි ශ්‍රී ලංකාව කුඩා රටක් විම හේතුවෙන් වෙනත් රටවල මෙන් නගර මුළුමනින්ම වසා තැබීම ප්‍රායෝගික නොවේ යැයිද කියවේ.

තවද චීනය, ඉතාලිය වැනි ආර්ථිකය සවිමත්, විශාල රටවලට සාපේක්ෂව කොරෝනා සටනටය ආර්ථික ශක්තියද ශ්‍රී ලංකාව හීනය. ගෝලීය තර්ජනයක් ලෙස නම් කර ඇති කොරෝනා විදෙස් රටවලත් පැතිරීම හේතුවෙන් එවැනි තර්ජනයකදී විදෙස් ආධාර ලැබීමේ ඉඩද සාපේක්ෂව අවමය.

මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් සැලකිලිමත් වීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වන අතර දින කිහිපය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක විය හැකිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button