BREAKING NEWSEXCLUSIVEPOLITICS

රුසියාවට විරුද්ධව සිට ගන්න ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන්ගෙන් ශ්‍රී ලංකාවට බලපෑම්..!

රුසියාව විසින් යුක්රේන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන යුදමය ආක්‍රමණයට සෘජුව විරෝධය පළ කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.

මෙරට සිටින, අදාල රටවල් නියෝජනය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් මෙම ඉල්ලීම ඇතුළත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව සදහන් වනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව මෙන්ම ජාත්‍යන්තර නීතිය අනුවද රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නීත්‍යනුකූල නොවන හා බලහත්කාරී ක්‍රියාවක් ලෙස සැළකිය හැකි බව පෙන්වා දෙමින් අදාල රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා රජයෙන් ඊට එරෙහිව වාචික සහයෝගය ලබාදෙන ලෙට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සදහන්..

මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙ, මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ජපානය, රොමේනියාව, ස්විට්සර්ලන්තය යන රටවල සහ යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් විසිනුයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button