BREAKING NEWSEXCLUSIVE

ප‍්‍රභූ රැදවියෙකු වෙනුවෙන් වැලිකඩ සිර කුටියක් සූදානම් කරයි

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් සඳහා වූ සිර කුටිය මේ වනවිට සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

එය පසුගිය රජය සමයේ විවිධ දේශපාලකයන් විවිධ හේතු මත රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ දී රඳවා තැබූ සිරකුටියකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවසූවේ මෙම කටයුත්ත බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙතක් බවත් ඕනෑම ආකාරයක රැඳවියකු රඳවා තබා ගැනීමට සූදානමින් සිටින බවත්ය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button