BREAKING NEWSCRICKETEXCLUSIVESPORTSVIRAL NEWS

අපි ආයෙත් පස්ස හැරෙන්නෙ නෑ ඉදිරියටම යනවා. – ක්‍රිකට් නායක දසුන් ශානක

අද උදෑසන ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි, ශ්‍රී ලංකා ක්‍රිකට්  නායක දසුන් ශානක මෙසේ අදහස් දැක් වූවා..

“මතක් කරන්න ඕනේ අපේ අත්දැකීම් අඩුකම හින්දා තමා අපිට සෙමි ෆයිනල් යන්න බැරුව ගියේ. ක්‍රීඩා කරපු හැම තරුණ ක්‍රීඩකයෙක් තමන්ගේ උපරිම දක්නා අතරට ආවා කියලා මම හිනවා. ඒවගේම දකුණු අප්‍රිකා තරගයයි , එංගලන්ත තරගයයි ජයගන්න තිබ්බ තරඟ දෙකක්. ඊට අමතරව මම නායකයෙක් විදිහට සෑහීමකට පත් වෙනවා කණ්ඩායම තරඟ කරපු ආකාරය ගැන. කණ්ඩායමක් විදිහට අපි පස්ස හැරිලා බලන්න කැමති නෑ ඉස්සරහටම යන්න බලාපොරොත්තු වෙනවා. 2022,ලෝක කුසලානය නියෙන්නේ ඕස්ට්‍රලියාවේ. මෙහේ තිබ්බ වාතාවරණය නෙමේ එහේ තියෙන්නේ. වෙන විදිහකට සූදානම් වෙන්න වෙනවා එකට. එකට සැලසුම් හදලා අනිවාරෙන්ම අපි ඒ තරගාවලියට සූදනම් වෙනවා. ප්‍රේක්ෂකයෝ ලොකු බලාපොරොත්තුවකින් හිටියා. පහුගිය කාලේ පුරාවටම ඒගොල්ලන්ගේ හිත් කැඩිලා තිබ්බේ. මේ තරඟාවලියෙන් ඒගොල්ලෝ උද්‍යෝගිමත් වුනා කියලා හිතනවා. මම හිතනවා නායකයෙක් විදිහට විගොල්ලෝ අපිත් එක්ක දිගටම ඉදී කියලා. ඒවගේම අපිට දුන්න සහයෝගෙට අපේ ගෞරවාන්විත ස්තූතිය පුදකරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button