BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

අපි කියුව් අගනුවර යළිත් රැකගත්තා. අපි මේ සටන අත් හරින්නෙ නැහැ. – යුක්‍රේන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

සිය හමුදා කියුව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බව යුක්‍රේන ජනාධිපති ප්‍රකාශ කරනවා.

ඔහු එහිදී පවසා සිටින්නේ,

“අපි මේ සටන තවදුරටත් අල්ලාගෙන ඉන්නවා. සටන ඉදිරියට යනවා. අපි අපේ භූමිය අපේ නිදහස ,අපේ අනාගත දරුවන් වෙනුවෙන් සටන් වදිනවා. අපේ බටහිර නගරවලට මේ වෙනකොට ප්‍රහාර එල්ල වුණත් අපි තවදුරටත් සටනෙම ඉන්නවා. යුක්‍රේන ජනතාවනි, හැකි හැමදෙනාම සතුරන් විනාශ කරන්න. පුළුවන් හැම කෙනෙක්ම ආපසු යුක්‍රේනයට පැමිණෙන්න. අපි ආරක්ෂා කරමු. යළි ගොඩනගමු. යුක්‍රේනය තම ජීවිතය, රට වෙනුවෙන් පූජා කළ සකුන් විටාල් මම යුක්‍රේනයේ වීරවරයෙක් ලෙස නම් කරනවා. ජාතික ආරක්ෂකයිනි, පොලිස් නිලධාරින්, දේශසීමා ආරක්ෂකයිනි… තවදුරටත් අල්ලගෙනම ඉන්න. යුක්‍රේනයට ජය වේවා.” යනුවෙන්.

මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රට පුරා ප්‍රදේශ රැසක දරුණු යුද ගැටුම් වාර්තාවන අතර රුසියන් හමුදා ගුවනින් ගොඩබිමින් සහ මුහුදෙන් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු යුද ටැංකි සිය නගරයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පාරට බැස සිටින යුක්‍රේන වැසියන් පිරිසක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියාව කියුව් ආසන්නයේ තෙල් ගබඩාවකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් ගෑස් නල මාර්ගයක් පුපුරා ගොස් එහිද විශාල හානියක් මේ වන විට සිදුවෙමින් පවතින බව පැවසෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button